Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6)දින නියෝග කළේ ය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව වරදකරු ලෙස නම් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.

එමෙන් ම, පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.

විත්තිකරු සෙසු චෝදනාවලින් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.

Related posts

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

‘මහානාහිමිවරුන්ගේ නියෝජනය 62 ලක්ෂය ඉක්මවා යන්නක්’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday