Colombo Today Local News

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

පසුගිය දෙවැනිදා රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට මෙරටින් පිටවීම තහනම් කරමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද(6)දින නියම කළේය.

වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් අද එම නියෝගය ලබා දී තිබේ.

ඒ, මෙම වාරණය ඉවත් කරන ලෙස නීතිපතිවරයා අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

මගීන්ට සිදුවූ අපහසුතාවත්, ජාතික ආර්ථිකයට ඇතිවූ හානියත්, අදාළ අධිකරණ තීන්දුව පිළිබඳව ඇති නීතිමය පසුබිමත් සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම මෝසම ගොණු කරන බව එහි දක්වා ඇත.

උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම මේ වනවිට පියවර ගෙන තිබේ.

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin

ගොවි ණය කපා දමනවා… ඉතා දැඩි මුල්‍ය පාලනයකටත් යන්න වෙනවා… – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Admin