Colombo Today Local News

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

පසුගිය වකවානුව තුළ දිනපතාම පාහේ මාධ්‍ය ඔස්සේ රිය අනතුරු පිළිබඳ පුවත් වැඩි වශයෙන් අසන්නට, දකින්නට ලැබිණි. මේ අනතුරුවලට එක් ප්‍රධාන හේතුවක් වූයේ රියැදුරන්ගේ බීමත්කමය. බීමත් රියැදුරන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම පොලිසියේ වගකීමකි. මෙම බීමත් රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩි කොට ඇති අතර ඒ සඳහා පොලිසිය දිගු කලක් භාවිත කරන ලද්දේ බැලුම් පිම්බීමේ ක්‍රමයයි. බැලුම් ආධාරයෙන් බීමත් පුද්ගලයකුගේ රුධිරයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය මැන බැලීමේදී එහි අඩංගු ප්‍රශ්වාස වාතය ක්‍රිස්ටලයක් තුළින් පිට කිරීමේදී එහි අඩංගු රසායන ද්‍රව්‍යයක වර්ණය වෙනස්වීම අනුව බීමත් බව තීරණය කරන ලදී. මේ ආකාරයෙන් වර්ණය වෙනස්වීම සිදුවන්නේ බීමත් පුද්ගලයකුගේ රුධිරය මිලි ලීටර 100ක මද්‍යසාර මිලිග්‍රෑම් 80ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගු වූ විටය. මෙය හැඳින්වෙන්නේ ගුණාත්මක විශ්ලේෂණයක් ලෙසිනි.

කෙසේ වුවද පසුගියදා වර්තමාන ලොව භාවිත කරන බීමත් පුද්ගලයන්ගේ රුධිරයේ මද්‍යසාර ප්‍රමාණය මැන බලන අති නවීන උපකරණ මෙරටට ගෙන්වන ලදී. ප්‍රශ්වාස වාතය විශ්ලේෂණය කරන මෙම උපකරණය හඳුන්වන්නේ “බී්‍රතලයිසර්” නමින්ය. එම උපකරණවල යෝග්‍යතාව මැන බැලීම මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර මේ එහි සහකාර අධ්‍යක්ෂ එස්.ඩී.අයි. ඩයස් මහතා ඒ පිළිබඳ කරන ලද කරුණු දැක්වීමකි.

වත්මන් ලෝකයේ බීමත් රියැදුරන්ගේ රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය මැන බැලීම සඳහා භාවිත කරනු ලබන්නේ බී්‍රතලයිසර් නම් උපකරණයයි. මේ මඟින් සිදු කෙරෙන විශ්ලේෂණය ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්වේ.

මේ නව උපකරණය ආධාරයෙන් බීමත් පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීම සඳහා අදාළ පුද්ගලයා උපකරණයට සම්බන්ධ නළයක් තුළින් එක දිගට තත්පර 5ක් පමණ ප්‍රශ්වාස වාතය පිටකළ යුතුය. එවිට උපකරණයේ ඩිජිටල් තිරය මත ඉලක්කමෙන් රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය සටහන් වේ.
තාක්ෂණය අතින් ඉතා දියුණු මෙම උපකරණයේ ඇති විශේෂත්වය වන්නේ එහි දත්තයන් කිසිදු ලෙසකින් වෙනස් කිරීමට නොහැකි වීමයි. මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් ඊට මුර පදයක් (Password) යොදා සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ. පොලිසිය විසින් උපකරණයේ යම් නඩත්තු කටයුත්තක් සිදුකරන්නේ නම් ඊට පෙර මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ලවා මුරපදය ඉවත් කළ යුතුය. භාවිතය සඳහා යෝග්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වසරක් පාසා මෙම උපකරණයේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂාවට ලක් කරනු ලැබේ. දැනට චීනයෙන් ආනයනය කරන ලද මෙවැනි උපකරණ 50ක් පමණ භාවිතයේ පවතී. මෙම නව උපකරණය භාවිතයෙන් කොටු කරගන්නා රියැදුරන්ට නීතියේ රැහැනින් මිදී යෑම ඉතා අසීරු වනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙරට බී්‍රතලයිසර් උපකරණ මේ වනවිටත් භාවිත වන්නේ බීමත් රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පමණි. නමුත් බොහෝ දියුණු රටවල ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල බීමත් ගුවන් නියමුවන්, (ඇතැම්විට ගුවන් මගීන්), වැඩ බිම්වල බීමත් සේවකයන් ඇතුළු පුද්ගල අනතුරු සිදුවීමේ අවදානම සහිත ක්ෂේත්‍රවල සේවකයන්ගේ බීමත්කම මැන බැලීම සඳහා බී්‍රතලයිසර් භාවිත කෙරේ.

මෙලෙස බීමත් පුද්ගලයන් හඳුනාගැනීම තුළින් ඔවුන් සහ ඔවුන් සමඟ සේවයේ යෙදෙන්නන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාව අඩු කළ හැකිය.

Related posts

අනු නාහිමිගේ ප්‍රකාශය ප්‍රඥාවන්තයන්ටයි…හිට්ලර් කතාවෙන් පොට පටලවාගත් දේශපාලකයන්ට ගෝඨා පිළිතුරු දෙයි

colombotoday

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

colombotoday

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

මිරිහානේ ඝාතනයක්

Admin