Colombo Today Local News

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

වෙලම්බඩ පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් හා රංගල ශ්‍රී ලංකා නාවික නෞකා කිමිදුම් අංශයේ නිලධාරින් විසින් අද  (29) වෙලම්බඩ කූරදෙණිය වැව සොදිසි කිරිමේ විශේෂ මෙහයුමකදි  ටී 56 උණ්ඩ රැසක් හා කඩුවක් සොයා ගැනිමට හැකිවිය.

බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම  සිදු කල අතර රංගල ශ්‍රී ලංකා නාවික නෞකා කිමිදුම් අංශයේ නිලධාරින් විසින් කුරදෙණිය වැව තුළ  පොලිතින් උරයක දමා ගැට ගසා තිබු ටී 56 ජීව උණ්ඩ 50ක්ද පුහුණු උණ්ඩ 8ක්ද හිස් උණ්ඩ කොපු 2ක්ද සොයා ගැනිමට හැකිවු අතර මඩ යට ගසා තිබු කඩුවක්ද ඔවුන් විසින් සොයා ගන්නා ලදි.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබන බවත් මෙම මෙහෙයුම මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති ඩි.ආර්.එල්, රණවීර,   කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්.එම්. සිසිර කුමාර, මහනුවර 3 පොලිස් අධිකාරි දසනායක, මහත්වරුන්ගේ අධික්ෂණය මත වෙලම්බඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බංඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක බන්දුල බංඩාර මහතා ඇතුළු වෙලම්බඩ පොලීසියේ නිලධාරින් හා ගම්පල පොලිස් විශේෂ කාර්‍යබලකා නිලධාරින්, රංගල ශ්‍රී ලංකා නාවික නෞකා කිමිදුම් අංශයේ  නිලධාරින් මෙම මෙහෙයුමට සහභාගි විය.

Related posts

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

colombotoday

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday