මහබැංකු බැදුම්කර මගඩියේ චෝදනාවට ලක්වූ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඊයේ නැවත වරක් මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් වැරදිකරුවෙකු බව මෙතෙක් කවුරුත් කියා නැති බවයි. මහාධිකරණය විසින් තමන් බැදුම්කර චෝදනාවෙන් නිදහස් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියා.
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් කියවුණේ අදාළ වංචාවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.