World

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

ඇමරිකාවේ ෆ්ලොරිඩාහී ඔර්ලන්ඩෝ රාත්‍රි සමාජ ශාලවේ ඊයේ (12දා) සිදුවූ වෙඩි තැබීමෙන් පනස් දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සමලිංගිකයන් සඳහා වෙන්වූ රාත්‍රී සමාජ ශාලාවක් ලෙස ප්‍රකට එහි මෙම අවාසනාවන්ත සිදුවීම හටගන්නා විට විශාල පිරිසක් ඒ තුළ රැඳී සිටි බවත්, තවත් 50 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම ඛේදනීය වෙඩි තැබීම එරට ඉතිහාසයේ එදාමෙදා තුර වාර්තා වූ දරුණුතම වෙඩි තැබීමක් ලෙසද විදෙස් වාර්තා පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව ඇති අතර, ඔහු ඕමාර් එස් මාටින් නමැති ෆ්ලොරිඩාහී පදිංචි අයෙකු බවට හදුනාගෙන තිබෙනවා. 29 හැවිරිදි වියේ පසුවන ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඇෆ්ගනිස්තාන වැසියෙකුට දාව උපන් ඇමෙරිකානු ජාතිකයෙකු බවත්, මීට පෙර එෆ්.බී.අයි. සංවිධානය විසින් දෙවරක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබූ බවත් විදෙස් වාර්තා පවසයි.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාවා පවසා ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැකකළ හැකි බවයි. අදාළ පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන්ට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු හෙළිව නැතත් ඔහු එම සංවිධානයට පක්ෂපාතී අදහස් දැරූ පුද්ගලයෙකු බවටද මේවන විට අනාවරණය වී තිබේ.

මේ අතර සමලිංගකයන් සමූල ඝාතනය කළ යුතු බවට ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙකු මීට ටික ‍දිනකට පෙර ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

Related posts

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin