Colombo Today Local News

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

වේලුපිල්ලේ ප්‍රභාකරන්ට “ප්‍රභාකරන් මහතා” ලෙස පවා ආමන්ත්‍රණය කරමින්, මානුෂිය මෙහෙයුම පැවති සමයේදී කොටි හිතවාදී ප්‍රතිපත්තියක සිට කටයුතු කල මහරාජා සමුහ ව්‍යාපාරයට අයත් සිරස ඇතුළු නාලිකාවලට විරුද්ධව ජනතාව වෙතින් පැමිණි විරෝධතාවය නැති කිරීමට කටයුතු කලේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නිළ නොලත් MBC සමුහ අධ්‍යක්ෂක එස්.එම්. මරික්කාර්, පදමට සූර් වූ අවස්ථාවක හිතමිතුරන් සමග උදම් අනා තිබේ.

මෙම කොටි හිතවාදී මාධ්‍ය මෙහෙයවීම හේතුවෙන්, එකල සිරස සේවකයෙකුට පවා පාරට බැසීමට නොහැකි තත්වයක් හටගන තිබූ බවත් ඒ නිසාම “මුර අඩවිය” නමින් වැඩසටහනක් ආරම්බ කරන ලද බවත් ඉන්දීය රජය, ලංකාවේ කොටි හිතවාදී ව්‍යාපාරික ප්‍රජාව සහ කොටි සංවිධානය විසින් කිලී මහරාජා යුද්ධයට උදව් කරනවාදැයි විමසද්දී පවා එම වැඩසටහන නැවැත්වීමට කටයුතු නොකළේ හමුදා කාරයන් විකුණා හෝ ආයතනය පවත්වාගෙන යා යුතුව තිබූ නිසා බවත් රණවිරුවන්ට අපහාස කරමින් ඔහු එම අවස්ථාවේ තම මිතුරන් සමඟ පුරසාරම් දොඩවා තිබෙන බවට වාර්තා වනවා.

Related posts

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday