Colombo Today Sports News

ලංකා ප්‍රිමිය ලීග්: ගාල්ල පරදා මහනුවරට ජය. ධනුෂ්ක ගුණතිලකගෙන් සුපිරි ඉනිමක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟයකින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජය කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ (30)දින සමත් විය.

කැන්ඩි ටස්කර්ස් සිය පන්දු ඕවර 20 දී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර බ්‍රෙන්ඩන් ටේලර් (නොදැවී 51) සහ කුසල් මෙන්ඩිස් (ලකුණු 49) ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු ගණන 171කි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 53කට ලකුණු 82ක් ලැබීය. ඔහුට අන් කිසිදු පිතිකරුවෙකුගෙන් සහයක් නොලැබිණි.

Related posts

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday

ශකිබ්ට නැවත වැඩ වැරදෙයි

Admin