Colombo Today Local News

හිස්බුල්ලාට ආධාර දුන් කටාර් චැරිටි ත්‍රස්තවාදී සංවිධානයේ තහනම ඉවත් කරයි – තෙල් ගන්න ගිය ඇමති පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවෙයි.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව තුල නම්කර තිබූ ‘කටාර් චැරිටි’ නම් පුණ්‍යායතනයට අදාළ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

“ඊයේ කටාර් පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවුණා.

2019 වසරේ පනවා තිබූ අරමුදලේ තහනම ඉවත් කිරීමට ගත් තීරණය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බවට පණිවිඩයක් ලබා දුන්නා.

පුණ්‍යායතනයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ සහ ගෝලීය කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.”යැයි එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා බලධාරීන් ‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්තවාදී ආයතනයක් ලෙස නම් කර තිබූ අතර, නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නඩුවට අදාළව ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බවට පුණ්‍යායතනයට චෝදනා කර තිබිණි.
නීතිඥ හිස්බුල්ලා 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින්, කටාර් පුණ්‍යායතනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට රජය පියවර ගන්න ලදී.

කටාර් පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් ඇති අතර එහි කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළද ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

2019 වසරේ කොළඹ පැවති කටාර් පුණ්‍යායතන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දක්වන බවට චෝදනා එල්ල විය.

කාංචන විජේසේකර ඇමතිවරයා ඉන්ධන මිලදී ගැනීම සඳහා මේ වන විට කටාර් රාජ්‍යය සමග සාකච්ඡා පවත්වමින් සිටී.

Related posts

සජිත් ජනාධිපතිවරණයට මිලියන 260ක් ණය වෙලා. දැන් ණය ගෙවන්නේ කොහොමදැයි කල්පනා කල්පනා කරමින් ඉන්නවා. – තිනියාවල පාලිත හිමි

colombotoday

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday