Colombo Today Local News

උසස් පෙළ විභාගය කල් යයි

අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙම අදහස් පළ කර ඇති බවට වාර්තා වෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට මේවනවිට සුදානම් කරගෙන යනවා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගය. අපි බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් මාසයේ, 22 හා 23 යන දින දක්වා බොහෝ දුරට පාසල් පැවැත්වීමට ඉඩ තියෙනවා. එම කාලසීමාව තුළ අපි අධ්‍යාපන කේෂ්ත්‍රයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා, දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදීලා 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම පාසල් තුළ නිර්මාණය කරන්න.”

Related posts

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

colombotoday

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, අලී සබ්රිට

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday