Colombo Today Local News

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය පිරිහීමට ද හේතු වී ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ඉන්ධන හිඟය සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මේ බව කියා සිටි.

ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සහතික කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ ඉන්ධන හිඟය පිළිබඳව ශ්‍රී ලංකා රජය හසුරුවන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානයෙන් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි වත්මන් තත්ත්වයෙහි බරපතළකම සහ බරපතළ ප්‍රතිවිපාක තේරුම් ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලින් සහ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජය කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම වහාම ගන්නා ලෙසයි.

මේ අවස්ථාවේදී රටේ යහපත සඳහා ජනාධිපතිවරයා ඇතුළු අදාළ අනෙකුත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන් ජනතාවට සිදුවන දුෂ්කරතා පිළිබඳ වගකීම දැරීම අවශ්‍ය බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

කෙටි කාලීනව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සම්බන්ධයෙන් එහි සැලසුම් පිළිබඳව මහජනතාවට කාලෝචිත හා ප්‍රමාණවත් තොරතුරු වහාම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

රාජිත ලැයිස්තුවෙන්, බිරිද කලුතරින්, චතුර ගම්පහෙන් – රාජිත පවුලම පාර්ලිමේන්තුවට !

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday