Colombo Today Local News

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පානදුර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවුසවේ, පසුගිය 23 වනදා පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු, කාත්තාවන් 04 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවත් යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට සුදුසු තත්ත්වයේ නොපවතින බවත් ය.

සැකකරුවන් පිරිස, කොළඹ වරාය පොලිසියට භාර දී ඇති අතර ඔවුන් ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

නාවික හමුදාව අවධාරණය කර සිටින්නේ, ජීවිත අවදානමකට හෙළන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වැළකී සිටින ලෙසයි.

Related posts

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

සජිත්,රවී,නවීන්,අකිල,ගයන්ත,හරීන්,හලීම්,මනෝ වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් කර නෑ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday