Colombo Today Local News

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට තැපැලෙන් එවූ පාර්සලයක රෙදිපිළි අතර තිබුණු ඇඳ ඇතිරිලි 7 ක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නමැති මත් පෙති 13,640 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් රෙදිපිළි සහිත යැයි සහන්කර තිබූ සැක සහිත පාර්සලයක් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම මත්පෙති තොගය සෙයාගත් බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිට එම පාර්ෂලය පරීක්‍ෂා කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දුන් බව සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.

Related posts

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

Admin

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

colombotoday

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

colombotoday