Colombo Today Local News

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

සිකුරාදා දිනයේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීම පිළිබඳව සාකච්ඡා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

එක් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ලේකම්වරයා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, එම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ද අවශ්‍ය බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 09 ක් ද ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 06 ක් ද මේ වන විට සෞඛ්‍යය කාර්ය මණ්ඩල වෙනුවෙන් ඉන්ධන ලබා දීමට තෝරා ගෙන තිබේ.

මේ අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලීම් පවතී.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම් ලබන 23 වැනිදා දක්වා පෙට්‍රල් පෝලිම්වලට නොයෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු කියා සිටියේ ලබන 23 වැනිදා පෙට්‍රල් නැවක් ලබා ගැනීමටත්, ලබන 24 වැනිදා ඩීසල් නෞකාවක් ලබා ගැනීමටත් ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කර ඇති බවයි.

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මේ අතර, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විවිධ මැර කණ්ඩායම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැහැදිලි කළේ ය.

Related posts

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

චූටි මල්ලියි – පොඩි මල්ලියි සමග ‘වෙනස සැප ද?:සනීප ද?’ බඩ අල්ලන් හිනාවෙන්න, අහලම බලන්න

colombotoday

ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් ගාලු රැලියට බරටම වැඩ.. මහා දූෂිත සජින් වාස් ප්‍රධාන සංවිධායක (Video)

colombotoday