Colombo Today Local News

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

ජූනි මාසය අවසන් වන විට රටේ උද්ධමනය 75%ක් විය හැකි බව මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීතිඥ නිමලා සිරිවර්ධන ඊයේ (20)දින අනතුරු ඇඟවූවා ය.

මෙම බරපතළ උද්ධමනයට අප දෙවන වන්නේ, සිම්බාබ්වේ ‍රටට පමණක් බව ත් එය ජනතාවට දරාගත නොහැකි වනු ඇති බව ත් නිමලා සිරිවර්ධන මහත්මිය පැවසුවා ය.

අප්‍රේල් මාසයේදී ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 700ක් වැය කර තිබෙන අතර ඩොලර් මිලියන 350කින් කර ගතහැකි දේට දෙගුණයක් වැය කර ඇති බව ත් මේ අනුව නැව්වලට විශාල දඩයක් ගෙවන්න සිදුව තිබෙන බව ත් ඇය පෙන්වා දුන්නා ය.

ජවිපෙ මූලස්ථානයේ පැවති නීතිඥවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අතිරේක අධ්‍යක්ෂවරිය මේ බව පැවැසුවේය.

“ජනමතයක් නැතත් පවතින ආණ්ඩුවට, කැබිනට් මණ්ඩලයට, අවම හෝ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා ද කියන ගැටලුව මතු වෙනවා. මේ වගේ ගැටලු රැසක් මතු වෙන්නේ විශේෂයෙන් කාන්තාවන් මුහුණ දී තිබෙන ඛේදවාචක රැසක් නිසයි. මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක් බව වාර්තා වෙනවා. ජූනි මාසය අවසන් වන විට 75%කට විතර කිට්ටුවෙයි කියලා මම හිතනවා. මේ උද්ධමනයට මහජනතාව මුහුණ දෙන්නේ කොහොම ද? අනෙක් පැත්තෙන් ලොකු ම ගැටලුව තමයි ප්‍රවාහනය. බස් ගාස්තුව දරා ගන්න බැහැ. වාහනයට පෙට්‍රල් ගහගන්න බැහැ. අප්‍රේල් මාසයේදී ප්‍රවාහන වියදම 68%කින් වැඩි වෙලා. මැයි මාසය වනවිට 91%ක් වෙලා තිබෙනවා.

තව පැත්තකින් රජයේ වියදම් සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කරන්න කැබිනට් අනුමැතිය දුන්නා. ඒ මුදල් එනවිට රටේ උද්ධමනය කොයිතරම් වැඩිවේවි ද? එවැනි තත්ත්වයක් මහජනතාව දරා ගන්නේ කොහොම ද? වාහන තියෙන අය කොට්ට පැදුරුත් අරගෙන කිලෝ මීටර් ගණන් දිග පෝලිම්වල ඉන්නවා. මේ රටේ කාන්තාවන්, ළමයින්, මහලු පුද්ගලයන්, තරුණයන් වශයෙන් කිසි ම වෙනසක් නැතිව සියලු දෙනා ම පෝලිමේ. තාත්තත් පුතත් පෝලිම් දෙකක ඉන්න අතරේ පෝලිමේ හිටපු තාත්තා මියගිය පුවතක් අපි දැක්කා.

ජනතාවට උදාකර තිබෙන්නේ මේ වගේ ව්‍යසනයක්. අපේ රටේ ඉන්ධන සඳහා මාසයකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350ක් වියදම් වුණා. ඒ මිල ලෝක වෙළෙඳපොළේ තත්ත්වයත් එක්ක ඩොලර් මිලියන 450ක් වුණත් මාර්තු මාසයේ අපේ රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,000යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 915යි. ඒ වගේ ම මාර්තු මාසයේ විදේශ ශ්‍රමිකයන් ඩොලර් මිලියන 318ක් සහ අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 240ක් ලැබී තිබෙනවා.”

Related posts

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

colombotoday

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

colombotoday

වැල්ලවත්තේ ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට

Admin