Colombo Today Local News

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

6

වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice”ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරයේ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.

PMB Rice වෙළඳනාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මෙම සහල් පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ මහජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

Related posts

ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානය විග්නේශ්වරන් සමග වෙනම රාජ්‍යයක් හදන්න යාපනයට පැමිණෙයි

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday