Colombo Today Local News

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

70 දශකයේදී පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් කලාවට පිවිසි ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයින්ගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ගීත ගායනා කර තිබෙන අතර 80 දශකයේ ලපලු ලතා මණ්ඩපය නමින් කැසට් පටයක් නිකුත් කළ ඔහු ආචාර්ය නන්දාමාලනී, මාලනී බුලත්සිංහල, චන්ද්‍රලේඛා පෙරේරා, නෙලූ අධිකාරී සමඟ යුග ගීත ගායනා කර තිබේ.

ඔහු ගායනා කළ ගීත අතරට, ලපලුලතා මණ්ඩයේ, නින්ද මා නෙතින් සහ හංසවිලේ හසඟන වී, යන ගීත ඇතුළත් වේ.

මියයන විට 70 හැවිරිදි වියේ පසුවූ ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාරගේ අවසන් කටයුතු හෙට (18) සවස අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

colombotoday

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

Admin

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

colombotoday

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : 19 හැවිරිදි තරුණයෙකු හා වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday