Colombo Today Local News

දළදා නාමය විකුණා මුදල් ගැරීමේ ජාවාරමක් ගැන දියවඩන නිළමේගෙන් පණිවුඩයක්

දළදා මාලිගාවේ නාමය භාවිත කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රටේ ක්‍රියාත්මක වන බවත් එයට දළදා මාලිගාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

රාජධානි පිහිටුවීමේදී රජ මාලිගාව අභියසින් දළදා වහන්සේ තැන්පත් කර පුදපූජා පැවැත්වීම අතීතයේ පටන් පැවත ආ චාරිත්‍රයක් බවත් දළදා වහන්සේ නොමැතිව දළදා මාලිගාවක් තිබිය නොහැකි බවත් ඒ මහතා කීය.දළදා මාලිගාව හා සමාන නමක් භාවිත කරමින් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා බෞද්ධ බැතිමතුන් ගෙන් මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දක්වමින්ය.

ධාතූන් වහන්සේලා තැන්පත් කරන ස්ථානයකට දළදා මාලිගාව යන නාමය යෙදීම පිළිගත නොහැකි බවත් මෙම කරුණු සම්බන්ධව බෞද්ධ ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථානය හඳුන්වන්නේ ධාතු මන්දිරය ලෙසින් මිස දළදා මාලගාව ලෙසින් නොවන බවද ඒ මහතා පවසයි.

Related posts

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday