Colombo Today Local News

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලුනු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුරින් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙි.

දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාල සහන මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.

අදාල සහන ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

කලුතර, ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවෙිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන දීමට මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි.

ඒ ඒ ප්‍රදේශ වලට සිදුවී ඇති හානි තක්සේරු කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක වලට වෙන් කරන මුදල් ප්‍රමාණය තීරණය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin