Colombo Today Local News

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

මුලතිව් තිරුක්කායි මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ දැලකට එකවර මඩු වර්ගයේ මසුන් රෑනක් කොටුවී කිලෝ 8000 කට අධික ප්‍රමණයක් හසුවී ඇති බවට මුලතිව් ධීවරයින් පවසති.

එසේ හසු වූ මඩු මාලු රුපියල් ලක්ෂ 75 කට අධික වටිනාකමින් යුතු බවටත් පසුව මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට වෙන්දේසි කිරීමට පියවර ගත් බවටද මුලතිව් ධීවරයින් පැවසීය.

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක සහය වී ට්‍රැක්ටර් 4 ක් රැගෙනවිත් දැල ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

ගොඩට ගත් දැලෙහි සිටි මඩු මසුන් තොගය එකවර වෙන්දේසි කිරීමට අදාල ධීවරයා පියවර ගත් අතර දකුණේ සිට මුලතිව් ගිය ව්‍යාපාරිකයින් පස් දෙනෙකු විසින් අදාල මඩු මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට අධික මුදලකට මිලට ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday