ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්මිත්ස්බර්ග් නමැති නගරයේ කර්මාන්තශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූයේ ‘ස්ටේට් ටෲපර්’ පොලිස් නිලධාරියෙකු පෙරළා කළ වෙඩි තැබීමකිනි.
වෙඩි තැබීම සිදුවූයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වේලාවෙන් සවස 2.30 ට පමණ වන අතර වෙඩි තැබීම කළ තැනැත්තා ගැන විස්තර හෝ ඔහු වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැත.