Colombo Today Local News

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හොදයි.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6)දින කොළඹ දී පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව හෙතෙම කීය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.

කලාපයේ සාමය සහ සුබසාධනය ප්‍රවර්ධනය කරන අතරවාරයේදී ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී සිටින බව ද හෙතෙම එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී කීය.

වාර්ගික සහජීවන දිරිගන්වන සියලු පාර්ශව ඇතුළත් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා/ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වන ඉන්දියාවේ සහාය දීර්ඝකාලීන බවත් ඔහු කීය.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය සහ අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි ද හෙතෙම කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව ඔහු පැවැසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සෞභාග්‍ය උසස් වනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.

Related posts

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin