ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාෂයේ රාවණා දිය ඇල්ල ජල පෝෂක ප්රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5)දින පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න ඊයේ(06)දින රාත්රිය පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අධික බෑවුම් සහ ගල් පර්වත විශාල ප්රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා.