ජනාධිපතිවරයා ළග ඇති තමාගේ රහස් මොනවාදැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
ඇය මේ බව කියා සිටියේ, නව දේශපාලන පක්ෂයක් බිහි කළහොත් රහස් හෙළිකරන බවට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉකුත් දා කළ ප්රකාශය සම්බන්ධයෙන් ගාල්ලේ පැවති රැස්වීමකදී අදහස් දක්වමිනුයි.
එහිදී ඇය වැඩිදුරටත් ප්රකාශ කළේ තමන්ටද එලෙස හෙළිකිරීමට ඇතැම් තොරතුරු ඇති බවය.