Colombo Today Local News

ජවිපෙ පට්ට හොරු.. අනුර කුමාර ඔය නිකන් අපි එක්ක හිනා වෙවී ඉන්නව.. උදේට බනිනව – මුදල් ඇමති

ravi 125ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එජාපය සමග සුහදව සිටින බවත්, උදේට රටට පෙනෙන්නට බනින බවත්, ඔහුව තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පලකළේ HE දේශපාලන සගරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් පිටතදී කිව්වා රවි කරුණානායක නිසා ලංකාවට ලක්ෂ 47000ක් පාඩු වුණා කියලා

නෑ. නෑ. එයා ඒක එළියෙදි කිව්වේ නෑ. ඇතුළේ කියපු එක එළියට ප්‍රකාශ කළා.

නෑ . ඒ වීඩියෝවේ තිබුණේ පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ප්‍රකාශයක්

එයා ඒ චෝදනාව කළේ පාර්ලිමේන්තුවෙදි. එයාට කොන්දක් නෑ. ජවිපෙ ඉන්නේ පට්ට හොරු ටිකක්. යුනියන් එකේ කට්ටියක් එක්ක ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද අඩුවුණා කියලා හරි පගාව අඩුවුණා කියලා හරි තමයි ඕක කළේ. මම ඕවා තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. මම බලන්නේ ජනතාවගේ ආදායම වැඩි කරන්න. නිලධාරීන්ට දෙන සල්ලි ප්‍රමාණය ජනතාවට ලැබෙන විදියට අපි කටයුතු කළා. ඔය ප්‍රාඩෝ ටික නිසා ලක්ෂ 25ක් රජයට වැඩිවුණා. මම දැම්ම දඩයක් නිසා දඩය අඩු වුණා කියලා ආදායම අඩුවුණාලූ. රේගුවේ වැඩ කරන තරුණ තරුණියන්ව මම මේ වෙලාවේ අගය කරනවා. ජ්‍යෙෂ්ඨයන්ව අගය කරනවා. ඕනම තැනක කළු බැටලූවො ඉන්නවා. එයාලා තමයි විකෘති කරන්නේ. ජනාධිපති ළගට ගියා. අන්තිමට මොකක්ද කියන්න පුළුවන් වුණේ?

ඒ වීඩියෝ එකේ මෙහෙම තියෙනවා..

ඔච්චර වෙලාව නාස්ති කරන්න එපා ඔය කියන හාදයා ගැන.

මට හිතුණා මේක පාර්ලිමේන්තුවෙන් පිටතදිත් කියන්න. එහෙම කියලයි අනුර ඒ කතාව කියන්නේ. දැක්කෙ නැද්ද ඇමැතිතුමා ඒ වීඩියෝ එක?
නෑ.. මම දැක්කෙ නෑ.

ඒ කියන්නේ අනුර කුමාර කියන දේවල් වැඩක් නැද්ද?

තුට්ටු දෙකකට ගණන්ගන්නේ නෑ. ඔය නිකන් අපි එක්ක හිනා වෙවී ඉන්නවා. උදේට බනිනවා. එයාගේ දේශපාලනෙත් කරන්න එපැයි.

Related posts

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

වී මිල අඩු කරන්න රජයේ උත්සාහයක්

Admin

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

සේවක අතිරික්තයක්, ලංගමේ 16,900 ක් ගෙදර යවන්න නියෝග

colombotoday