Colombo Today Local News

මහින්දලා මොන යාත්‍රා ගියත්, අපි ජාතියට දුන් ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකියි – චම්පික රණවක

champika
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පාද යාත්‍රා නොව වෙන කුමන යාත්‍රා ගියද ජාතික හෙළ උරුමය ජාතියට උරුමකරදුන් ජයග්‍රහණ නමැති ගංගාව ඔවුනට කිසිසේත් ආපස්සට හැරවිය නොහැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය (06) දා අනුරාධපුරයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

සිය පක්ෂය අතගැසූ කිසිදු කටයුත්තක් පරාජය වී නොමැති බවද හෙතෙම සදහන් කළේය.

බලය බෙදා හරින්න ඕන යැයි විශ්වාස කළ ශ්‍රීලනිප, එජාප, ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ නායකයන්ට ත්‍රස්තවාදය පරාජය කළ හැකියි කියන හොද පාඩම අපි ඉගැන්නුවා. ඒ සදහා හොද දේශපාලන නායකත්වයක් අවශ්‍ය බවත් අපි පෙන්වා දුන්නා. ඒ අනුව තමයි අපි 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කළේ. ත්‍රස්තවාදය නැතිකරන බව එතුමා කොහෙවත් කීවේ නෑ.

මාවිල් ආරුව කොටි වසාදමපු වෙලාවේ දැන් කෑගහන කිසිවෙකුත් ඉදිරියට පැමිණියේ නෑ. අපි තමයි ඉදිරියට ගොස් ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව කීවේ. මෙය තනි පුද්ගලයෙක් ලබාගත් ජයග්‍රහණයක් නොවෙයි. එය මෙරට ජාතික ව්‍යාපාරය ලබාගත් ජයග්‍රහණයක්.

අපේ දෙවන විප්ලවය රටේ ඒකීය භාවය රකින් විප්ලවයයි. ඒදේ කළේ අපියි. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක දේශපාලනයට ගෙනවිත් ෆෙඩරල් කතාන්දරය පරාජය කරල දුන්නේ අපි මිස වෙන කවුරුත් නෙවෙයි. ඒක නැවත වෙනස් කරන්න ආණ්ඩවට ජනවරමක් නැහැ. අපි ඉන්නකන් ඒක කරන්න දෙන්නෙත් නෑ.

මේ අනුරාධපුරයෙ එදා දුටුගැමුණු මහරජතුමා මහා සටන් කරලා ඒකීය රාජ්‍ය යේ එක්සත් බව ඇතිකළා. රජතුමා මාලිගයට විත් එතුමාට මෙතරම් රාජ විභූතියක් ලැබුනේ කෙසේදැයි කියල කල්පනා කළා. එතුමා කම්පාවට පත්වුණාම ඔහුව සැනසුවේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා කීවේ ඔබ මේ කළේ මහා පිංකමක් බවයි. රට එක්සේසත් කරන පිංකම කරගත් බව සංඝරත්නය සදහන් කළා. උන්වහන්සේලා කීවේ මේ ශ්‍රී විභූතියෙන් වල්මත් නොවී ශාසන පුනර්ජීවනයේ යෙදෙන්න කියලයි. එතුමා වෙහෙර විහාර කර ශාසන පුනර්ජීවනයේ යෙදුනා.අනේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඔය දේ සිතුනානම් කොච්චර හොදද? මහින්ද රාජපක්ෂ මහතා සිතුවේ තව වසර විස්සක් තිහක් රජකම් කරන්නේ කොහොමද? තම පවුල රකින්නේ කොහොමද කියල විතරයි.

අපේ තෙවන විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ විප්ලවයයි. මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික, ඒකාධිපති ජනාධිපතිධූරයට වෙනුවට අපි සාමකාමි හා ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිධුරයක් ඇතිකලා. එය අප රටට ලබාදුන් ජයග්‍රහණයක්. තව කොපමණ පාද යාත්‍රා ගියත් මහින්ද රජපක්ෂ මහත්මයාට මේ ජයග්‍රහණ ආපසු හරවන්න බෑ. යනුවෙන්ද ඇමතිවරයා එහිදී පැවසීය.

Related posts

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

colombotoday

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday