යුද හමුදා බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් කළ විමර්ශනකදී කලිනොච්චිය රත්නපුරම් ප්රදේශයේ නිවසක ලිදක තිබී බෝම්බ තොගයක් සොයාගෙන තිබෙනවා.
අදාල නිවසේ පදිංචිකරුවන් විසින් ලිද පරිහරණයට යෑමේදී මෙම බෝම්බ තොගය දැක හමුදාවට කළ දැනුම්දීමකට අනුවයි මෙම බෝම්බ සොයාගෙන ඇත්තේ.
මෙහිදී ක්ලේමෝ බෝම්බ 10ක්, අත් බෝම්බ 66ක් සහ මෝටාර් බෝම්බ 42ක් සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්රියාත්මක බව යුද හමුදාව පවසනවා.