තමා ප්රජාතන්ත්රවාදය සහ සාමුහිකත්වය අගය කරන සියලු දෙනාගේ හඬට ඇහුම්කන් දෙන ජනාධිපතිවරයෙක් බවත්, තමා තීන්දු තීරණ ගන්නේ රටේ අවශ්‍යතාවය මත බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ මීට පෙර සිටි ජනාධිපතිවරු හැසුරුණු අයුරින් හැසිරීමට තමා සූදානම් නොමැති බවයි.
අද පෙරවරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
රජය විසින් වැට් බදු සංශෝධනයට පැහැදිලි තීරණයක් ගෙන ඇති බවත් ඒ පිළිබඳවලබන සඳුදා දින ප්‍රකාශයට පත් කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.