Colombo Today Local News

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

mano ganeshan

අන්තවාදීන්ට තවදුරටත් ඉඩදුන්නහොත් මධ්‍යස්ත පුද්ගලයින්ට ජීවත්වීමට රටක් ඉතුරු නොවන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි සමාජ බලගැන්වීමේ පුරවැසි සංසදය විසින් සංවිධානය කර තිබු උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපිට නැවත මේ රට කලු ඉතිහාසය කරා ගමන් කරන්න ඉඩ දෙන් බැහැ. ඊයේ පෙරේදා යාපනයේ යම් සිදුවීමක් සිදුවුනා. උඩරට නැටුම නිසා තමයි එතන ඒ ප්‍රශ්නය ඇති වුනේ. මම දන්වානම් මේ උත්සවය සංවිධායකවරුන්ට කියනවා උඩරට නැටුම සමගම බරත නාට්‍ය නැටුමකුත් ලැස්ති කරලා ඒ අයව ලැජ්ජ කරන්න කියලා.මේ රට සැබෑම බහු ජාති, බහු ආගම්, බහු භාෂා ඇතුලත් බහුවාදී රටක්. ඒකෙන් වෙනස් වෙන්න බෑ කාටවත්. උතුරේ දමිළ පමණක් කියලා හඩක් ඇති වුනා නම්, දකුණේ සිංහල පමණක් කියලා හඩක් නැවත ඇති වෙයි. දකුණේ සිංහල පමණක් කියලා අන්තාවාදීන් කතා කරන්න පටන් ගත්තා නම්, උතුරේ දමිළ පමණක් කියලා ව්‍යාපාරයක් ඇති වෙයි. ඒ නිසා අන්තවාදීන්ට අපි ඉඩදීගෙන හිටියා නම් මධ්‍යස්ථ අපිට ජීවත් වන්න රටක් අපිට නැති වෙයි

Related posts

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin