Colombo Today Local News

නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයි

ízeer ahamed3

පසුගිය දිනෙක සාම්පූර් ප‍්‍රදේශයේ විද්‍යාලයකදී නාවික හමුදා නිලධාරියෙකුට දොස් පැවරිම සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

එහෙත් මෙම සිද්ධිය මුල්කර ගනිමින් තමන් සහභාගී වන උත්සව වර්ජණය කිරීමට ත්‍රිවිධ හමුදාව ගත් තීරණය දේශපාලනමය වශයෙන් ගත් තීරණයක් බවත් එබැවින් තමන් එම තීරණය හෙළා දකින බවත්, ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

මෙය ජනාධිපතිවරයා තීන්දුවක් ගැනීමට කලින් ත්‍රිවිද හමුදාව විසින් ගත් තනි තීරණයක් යයි පෙනී යන බවදච ඔහු කියා සිටී.

අදාල සිද්ධිය ගැන එක් පැත්තකින් පමණක් බලා වැරදිකරුවන් ආරක්ෂා කිරීම නුසුදුසු යයිද පවසන ඔහු එසේ වුවත් සමාව ගැනීම හොඳ ආදර්ශයක් නිසා එදින එහි සිටි සියලුදෙනාගෙන්, අමෙරිකානු තානාපති, පාසල් සිසුන් මෙන්ම අදාල නාවික හමුදා නිලධාරියාටද කණගාටුව පල කරන බවද සඳහන් කර ඇත.

Related posts

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin