Colombo Today Local News

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (09)දින රාත්‍රී අක්කරපත්තු පොලිස් වසමේ, පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියක දී පොලිස් කොස්තාපල්වරයා මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පොලිස් නිලධාරියෙක් වන බවත් ඔහු රාජකාරිය නිමකර ඇති අවස්ථාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“ඔහුව ඝාතනයට ලක්කර ඇත්තේ ඔහුගේම ඥාතියෙක් විසින් බව වාර්තා වනවා. ඒ වගේම එම පුද්ගලයා 21 හැවිරිදි තරුණයෙක් වන අතර, අක්කරපත්තුව පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.“

අද (10) දිනයේ දී ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related posts

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්ට වෙනත් තනතුරක් – රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වෙන ලකුණු

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

උගන්ඩාවට අරගෙන ගියේ රාජපක්ෂලාගේ සල්ලි නෙමෙයි

Admin

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday