දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හර්තාලය හේතුවෙන් ඇණහිට තිබු මගී ප්‍රවාහන කටයුතු අද (07)දිනයේ සිට යළි ආරම්භ වේ.
ඒ අනුව, මගී දුම්රිය සේවාවන් අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයට යළි එක් කෙරුණ ද එය සීමා කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
බස් රථ ධාවනය සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව නොලැබීම හේතුවෙන් එම සීමා කිරීම් සිදුකරන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.