World

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් ඔක්සිජන් හිඟවීමෙන් මියගොස් ඇති පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

ජාවා දූපතේ පිහිටි රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම රෝගීන් ඉකුත් සෙනසුරාදා මියගොස් තිබුණේ රෝහලේ ඔක්සිජන් අවසන් වීමෙනි.

සති අන්තයේදී එම රෝහලට ඔක්සිජන් ලැබී තිබුණේ බෙහෙවින් ප්‍රමාද වී බව රෝහල් වාර්තා සඳහන් කර තිබුණි.

දෛනිකව වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම එරට සෞඛ්‍ය අංශවලට එල්ලවී ඇති දැඩි අභියෝගයකි.

විශේෂයෙන්ම ද්‍රව ඔක්සිජන් හිඟය නිසා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩාත් දුෂ්කර වී තිබේ.

Related posts

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday