Colombo Today Local News

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

mood54445මවුකිරෙන් සපිරි- ජාතියක අසිරි තිරසර සංවර්ධනයකට මව්කිරි යන තේමාවෙන් ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 දින සිට 07 වැනි දිනය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (27) පැවැති ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙසේ පැවසීය.

මව්කිරි දීම සතියකට සීමා වන්නේ නෑ. මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් සතියක් ප්‍රකාශ කරන්නේ, මව් කිරිවල තිබෙන වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමට, ප්‍රතිපත්ති සම්පාදනය කරන කණ්ඩායම්වල අවධානය වැඩි වශයෙන් යොමු කරගැනීමේ අරමුණින්

දරුවන්ට මව් කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සිටින්නේ ඉහළ ස්ථානයකයි. වසර 2012 රටවල් 51ක කරන ලද සමීක්ෂණයකින් මව් කිරි ලබාදීමෙන් ප්‍රථම තැන හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි. 2016 දී සිදු කළ සමීක්ෂණයෙන් රටවල් 121කින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින්නෙත් ශ්‍රී ලංකවයි. දෙවැනි ස්ථානයකියුබාව හිමිකරගෙන තිබෙනවා.

මව්කිරි වලින් දරුවන්ට විශාල ආරක්ෂාවක් තිබෙනවා. බෝ නොවන රෝග අඩුවීමට ප්‍රධාන සාධකය වන්නේ මව් කිරියි. දරුවන්ගේ මානසික හා කායික සංවර්ධනයට මව්කිරි විශාල දායකත්වයක් ලබදෙනවා. ඒ නිසා මව් කිරි ලබාදීම දීර්ගකාලීන සංවර්ධනයකට දායක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් අවධානය යොමු වී තිබෙනවා. ඒ නිසා ආයතන මට්ටමින් දරුවන්ට කිරි දීමේ ස්ථානයක් සකස් කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්

Related posts

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin