Colombo Today Local News

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නුවර පැවති ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පමණක් සහභාගී වෙත්දී නිලධාරීන් 46 දෙනෙකු සහභාගී කරවූ පදනම කුමක්දැයි යන්න සොයා බලා තමන්ට වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා බලධාරීන්ට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් දිගින් දිගම පැමිණිලී ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම දූෂණ හා අක්‍රමිකතා ඉවත් කිරීම සඳහා ගෙන ඒමට යෝජිත ක්‍රීඩා පනතින් ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් අගමැතිවරයාට ඉදිරිපත් කරන වාර්තාවේ සඳහන් කරුණු අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යට පැවසීය.

Related posts

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

පාර්ලිමේන්තුව අවධානම් තත්වයක

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

“අවම බලය පාවිච්චි කළ හැකියි.. ඒත් යාපනේදීනම් පොලීසිය වැරදයි“ – පොලිස්පති

colombotoday

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin