Colombo Today Local NewsNew Constitution

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

tna sambandhan

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ‘එළුග තමිල්’ වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය (TNA)පවසයි.

‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ‘දෙමළ ජනතා සභාව’ විසිනි.

ජාතික ප්‍රශ්නය ඇතුළු රට හමුවේ ඇති ගැට‍ළුවලට විසඳුම් ලබා දෙන නව ව්‍යවස්ථාවක් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටේ සෙසු පක්ෂ අතර සාකච්ඡා පැවතෙමින් තිබෙන අතරතුර ‘එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීම සුදුසු නොවන බව සිය පක්ෂය ‘දෙමළ ජනතා සභාව’ට පෙන්වා දුන් සදහන් කරන ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා තම අදහස නොතකා දෙමළ ජනතා සභාව ‘එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ බවත් දේශපාලන පක්ෂයක් වශයෙන් ඊට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළේය.

‘එළුග තමිල්’ උද්ඝෝෂණය හේතුවෙන් දකුණේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා, එවැනි වැරදි අදහසක් ඇති වීම මේ අවස්ථාවේ සිදු නොවිය යුතු බවත් පැවසීය.

සියලුම පක්ෂ නියෝජනය කෙරෙන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරහා සෙසු ජන කොටස්වලට මෙන් දෙමළ ජනතාවටත් පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේය.

(බී බී සී සංදේශය)

Related posts

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !

colombotoday

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday