Colombo Today Local News

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

abdul-rasik

තව්හිද් ජමාත් නම් සංවිධානයේ මෙරට ප්‍රධානී අබ්දුල් රාසික් රෆ්දීන් නමැති අය පොලිසිය විසින් අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කරමින් බෞද්ධ ජනතාව කුපිත කිරීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මේවන විට නඩුවක්ද විභාග වෙමින් පවතිනවා. පසුගිය දිනක තව්හිද් ජමාත් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයකදී අබ්දුල් රාසික් සංඝයා වහන්සේ ඉල්ක්ක කරමින් ද්වේෂ සහගතව බැණවැදී තිබුණු අතර ඔහු විසින් උක්ත නඩුවේ ඇප කොන්දේසි කඩ කර ඇති බවටත් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් පවසමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වෙන පැමිණිළි ඉදිරිපත්ව තිබුණා.

Related posts

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

රියදුරන්ට විශේෂ නිවේදනයක්

colombotoday

විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්

Admin

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday