Colombo Today Local News

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ බෙදුම්වාදි ව්‍යාපෘතිය පිළිබඳ කල සමාලෝචනයේ දීත් ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වීමට වැඩියෙන්ම බලපෑවේ භික්ෂුන් වහන්සේලා බව සඳහන් කර තිබුණා. මේ බව හොඳටම දන්නා අගමැතිතුමා පෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් මහ සංඝරත්නය දිනා ගැනීමේ අරමුණෙන් සැප්තැම්බර් 27 දා අරලිය ගහ මන්දිරයේ දී දහසක් භික්ෂුන් වහන්සේලාට දානයක් පිලියෙල කර තිබෙනවා.

මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති කාර්යාලයෙන් වාහන දෙනවා විතරක් නොවේ උන් වහන්සේ සමග යන්න පොලිස් නිළධාරියෙකුත් දෙනවා. ඔබ වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නොවේ. රට වලඳන්න. පෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි. ඒ නිසා ඒ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමි මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා

– අරවින්ද අතුකෝරල

Related posts

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි

colombotoday

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

විමල් වීරවංශට නොතීසි

Admin

ලොව කැළඹු කවසකි රෝගය ලංකාවටත් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයෙන් සිටින්න උපදෙස්

colombotoday