Colombo Today Local News

ක්‍රීඩාපිටියක දෙමළ පාසලක් හදන්න ගිය ජෝන් ඇමතිට, වත්තලදී පන්නා පන්නා හූ කියයි !

ඇමති ජෝන් අමරතුංග මහතාට විරෝධය පල කරමින් අද ඔහු සහභාගී වූ උත්සවයක් අතරතුර ජනතාව එක දිගට හූ තැබූහ. ඇමතිවරයාගේ පින්තූර පිලිස්සූහ.

මෙම සිදුවීම සිදුවූයේ වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ප‍්‍රදේශයේ ඉදිකිරීමට යන දෙමළ විදුහලට මුල් ගල තැබීමට ඇමතිවරයා ගිය අවස්ථාවේදීය. විරෝධතාකරුවන් කියා සිටියේ මෙම ස්ථානය ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ බවත් විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව බවත්ය.

ඇමතිවරයා සභාව අමතමින් කියා සිටියේ මොන සක්කරයා ආවත් ඉදිකිරීම නොනවත්වන බවයි.

විරෝධතාකරුවන් දිගටම මාර්ගය අවහිර කරමින් ඇමතිවරයාට පිටයන්නට නොදී හූ තැබීම නිමා ඇමතිවරයා සිය ආරක්‍ෂකයින් සමග වෙනත් මාර්ග ඔස්සේ ආපසු ගියේය. එසේ පිටවෙද්දී ජනතාව එලව එලවා හූ කීහ.

Related posts

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 140 ක් නිරෝධායනයට

colombotoday

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

යාපනේ සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක

colombotoday