Colombo Today Local News

සබීතාගේ ගොඩනැගිල්ලට බඩු ගන්න කෝටි 42ක් ඉල්ලා ඇමති දුමින්දගෙන් කැබිනට් පත්‍රිකාවක් !

duminda dissanayakeකෘෂිකර්ම අමාත්‍යාංශය සදහා බදු පදනම මත ලබාගත් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල අමාත්‍යාංශ කාර්යාලයක් ලෙස යළි සකස් කිරීම සදහා රිපියල් කෝටි 42ක් ලබා දෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

වසර පහක කාලයකට රුපියල් කෝටි අනූ හයක කුලී පදනම මත මෙම ගොඩනැගිල්ල ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, මේ දක්වා අදාළ ගොඩනැගිල්ලේ පදිංචියට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ගොස් නැතත් මාස හතරක් සදහාවන රුපියල් මිලියන 84ක කුලී මුදලද එහි හිමිකරුවන් වන ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් සමාගමට ගෙවා ඇතිබව වාර්තා වේ.

ඉංජිනේරුමය කාර්යයයන් පිළිබඳ පත් කළ උපදේශක කාර්යාංශය විසින් මෙම ගොඩනැගිල්ල කාර්යාල පරිශයක් ලෙස සකස් කිරීමට හා අවශ්‍ය ගෘහභාන්ඩ ලබාගැනීමට රුපියල් මිලියන 402ක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබේ.

මෙම ගොඩනැගිල්ල කාර්යාල පරිශ්‍රයක් ලෙස පරිවර්තනය කිරීමට මෙම කාර්යාංශයට වසරක පමණ කාලයක් ගතවන බව දන්වා ඇති අතර එම කටයුතු ඉක්මනින් කරගැනීමට පෞද්ලපික අංශයට ලබාදීමටද තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට සිදුව ඇත්තේ ඊට අයත් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු කටුයතු අමාත්‍යාංශය සදහා පවරා ගැනීම හේතුවෙනි. අදාල නව ගොඩනැගිල්ල අයත් ඩී.පී. ජයසිංහ සමාගම වෙත කෘෂිකර්ම අමාත්‍යාංශය යොමු කර ඇත්තේද අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් බවද වාර්තා වේ.

Related posts

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයි

Admin

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday