Colombo Today Local News

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ජර්මනියට යෑමට සූදානම්ව සිටියදී පසුගිය (01) දා ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙලේ එල්.ටී.ටී.ඊ නායකයෙකු මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සම්බන්ධයෙන් පූනේ ‍පොලීසිය පරීක්ෂණ සිදුකළ අතර එහිදී මොහු ඉන්දියාවේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරු සුදන් සුප්පයියා ලෙසට හඳුනාගෙන ඇති අතර ඔහු මාරිමුත්තු යන නාමයෙන් 2005 වර්ෂය දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

මොහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා තාවකාලික වීසා බලපත්‍රයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පූනේ ‍පොලීසිය මගින් ඉල්ලීමක් ද කර තිබේ. ඒ අනුව සැකකරු ලබන සතියේදී මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

colombotoday

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට විකුනනවා – නි. ඇමැති පාස්ටර් එරාන් වික්‍රමසිංහ කියයි

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin