පසුගිය පළමුවැනිදා සිටි බස් ගාස්තුව 6%කින් වැඩිවීම නිසා ශ්‍රීලංගම ආදායම රුපියල් ලක්ෂ 790 දක්වා ඉහළ ගොස් ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා පවසයි.
ලංගමයේ මෙතෙක් දිනක ආදායම වූයේ ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 680කි.
ලංගම සේවකයන් 23,000ක් පමණ වන අතර බස් රථ සංඛ්‍යාව 5500කි. දිනකට මගීන් ලක්ෂ 22ක් ලංගමයේ ගමන් කරති.