Colombo Today Local News

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

hm223

වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණි පසු විවිධ චෝදනා නගමින් හිමිවරුන් 48 නමක්‌ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රගතිශීලි ජාතික එකමුතුවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ඊයේ (10 වැනිදා) පැවසීය.

මෙම හිමිවරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ජනරාශිය, මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් චෝදනා යටතේ බව ඒ මහතා ඊයේ ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේද කීය.

අලි පැටියකු ළඟ තබාගෙන සිටියා කියලා උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහෙත් විල්පත්තුවේ වන විනාශ කරන ඇමැතිට එරෙහිව කටයුතු කරන්න මේ රජයට බැරිවෙලා.

ජීවිත ආරක්‌ෂිත කබා ගෙන්වීමේදී රුපියල් කෝටි 10 ක මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුකර ඇති බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස්‌ කොමිසමට කරන ලද පැමිණිල්ලකට අදාළව කොමිසම ඒ මහතාට දස වතාවක්‌ කැඳවීම් කළත් ගිහින් නැහැ. ඊට අමතරව නැව් ලබාගැනීම සම්බන්ධයෙනුත් ඒ මහතාට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.

මේවා පැමිණිලිවලට පමණක්‌ සීමාවෙලා. අද රජයට අවශ්‍ය අයට විතරයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන් රජයට එරෙහිව හඬ නගන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න රජය මූලික වෙලා.

ජනතාව මත අධික බදුබර පටවා තිබෙන ආණ්‌ඩුවට එරෙහිව ජනතා නැගිටීම වළක්‌වන්න මෙවැනි දේ සිදුකරන බවට සැකයක්‌ තිබෙනවා යෑයිද පොල්ගම්පල මහතා කීය.

Related posts

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

colombotoday