Colombo Today Local NewsColombo Today Sports News

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

සත්කාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිම ආරම්භ කලේ රොරී බර්න්ස් හා කීටන් ජෙනින්ග්ස් ය. නමුත් සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි වූ අතර සුරංග ලක්මාල් විසින් ඉනිමේ පළමු කඩුළු දෙකම දවා ගන්නා ලදි.

මෙම තරගය සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ අවසාන ජාත්‍යන්තර තරගයයි.

ඔහු අද දින ගාල්ල ක්‍රීඩාංගණයේදී කඩුළු 100ක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

නමුත් මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වෙමින්. මේ වන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 104 ක් ලබා සිටිනවා.

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

colombotoday

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

colombotoday

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday