ඉදිරියේදී බිහිවීමට නියමිත නව පක්ෂයක් පිලිබද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් වරට ඊයේ දිනයේ හෙලි කළේය.
ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම විසුරුවා හැර ‘‘ශ්රී ලංකා එක්සත් ජාතික නිදහස් පක්ෂය’’ ලෙස එක් අලූත් පක්ෂයක් සෑදීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ඔහු මෙේ අදහස් පළ කළේ ඊයේ දින බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ ආරාධනයෙන් හෝමාගම පැවති ජන හමුවට එක්වෙමිනි.
[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1104573419630276/” width=”500″ height=”400″ onlyvideo=”1″]