Colombo Today Local News

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔත්තු සපයන්නකු සිටින බව හෙළිව ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසම පත් කිරීමට පෙර ඒ සම්බන්ධ තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා හා ඔහුට සම්බන්ධ කිට්ටුම පුද්ගලයන් සිවුදෙනෙකු අතර ජනපතිවරයාගේ නිවසේ සිදුකළ රහස් සාකච්ඡාවකින් පසුවය.

එම සාකච්ඡාවේදී බැඳුම්කර සිද්ධියට ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කිරීමෙන් පසුව ඔවුන් විසිර ගොස් ඇති අතර ඒ සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍යවරයෙක් සිය නිවසට යමින් සිටියදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ඇමතුම දුන් මලික් මහතා සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ජනපතිවරයා සමඟ දැන් සුළු මොහොතකට පෙර සකච්ඡාවක නිරතවීම ගැන හා බැඳුම්කර සිද්ධියට ජනපති කොමිසමක් පත් කිරීමට ගත් තීරණය සම්බන්ධවයි.

කෙසේවුවද, සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ අමාත්‍යවරයාට තව ටිකවේලාවකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දෙනු ඇති බවත් ඊට පිළිතුරු දෙන ලෙසයි.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අගමැතිවරයා සිට ඇත්තේ විදෙස්ගතවය.

ඉන් සුළු මොහොතකට පසුව අගමැතිවරයා එම අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් දී ඇමති මලික් විමසූ කරුණු හා තවත් කාරණා අගමැතිවරයා අදාල ඇමතිවරයාගෙන් විමසා ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Related posts

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

colombotoday

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

colombotoday

ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවෙයි – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට යන රියදුරන්ට දැනුම්දීමක්

Admin