Colombo Today Local News

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

රාජ්‍ය ආයතන හයක්‌ (6) වහාම පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (6 දා) පැවසීය.

මේ සඳහා වන මූලික සාකච්ඡා වට කිහිපයක්‌ දැනටමත් අවසන් කර තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජාතිය සතු සම්පත් මෙලෙස විකුණා දැමීම ජාතික අපරාධයක්‌ බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙලෙස විකුණා දැමීමට එකඟ වී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්‌ඩලය, ඛනිජ තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය, වරාය, ගුවන්තොටුපළ, ශ්‍රී ලන්කන් එයාර්ලයින් යන ආයතන හය බව හෙතෙම අනාවරණය කළේය.

රාජ්‍ය දේපළ මෙලෙස කුණුකොල්ලයට විකුණා දැමීමට රජය ගෙනයන ව්‍යාපාරයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය රටේ අනෙකුත් බලවේග සමඟ එක්‌ව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

ඉතිහාසය පුරාවට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු රාජ්‍ය දේපළ විකුණා දැමූ බවත් අද ජාත්‍යන්තර අරමුදලට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවීමට පටන්ගෙන තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

නව ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් හදන්න කෝටි තුනක් වැය කරලා

Admin

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday