Colombo Today Local News

රවීට නඩු වැටෙයි ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ඉදිරි සතියේදී නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගයට පිළිතුරු වශයෙන් මෙම නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවද මන්ත්‍රිවරයා කියයි.

මුදල් අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාව කිසිදු අයුරකින් සම කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයා රවී කරුණානයක මහතා වැන්නකුට නඩු පැවරීමට උසාවි යාම අර්ථ ශූන්‍ය කාරණයක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම විහාරයේ දී ඊයේ (02) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

Related posts

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday