Colombo Today Local News

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(16දා) ආරම්භ වෙයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පොත් ප්‍රදර්ශනය ලබන 25 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

සෑම දිනකම පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතියි.

“සතුට දන වන, නැණ නුවණ වඩන පොත්“ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පෙත් ප්‍රකාශකයින්ගේ සංගමය ප්‍රදර්ශනය සංවිධානය කරයි.

මෙවර කොළඹ පොත් දැක්ම සඳහා දේශීය පොත් අලෙවි කුටි 410 ක් සහ විදේශීය පොත් අලෙවි කුටි 60 ක් අන්තර්ගතවේ.

එමෙන්ම පොත් ප්‍රදර්ශනයට සමගාමීව පොත් දොරට වැඩීම්, සාහිත්‍ය සංවාද, කැටපත් පවුර ආදී සාහිත්‍යාංග ගණනාවක්ද ක්‍රියාත්මක වේ.

එසේම 20,21 සහ 22 යන දිනවල භාෂාව පිළිබඳ විශේෂඥයන් සහභාගි වන භාෂා සංගායනාවක් පැවැත්වීමටද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර ඇති අතර, එවැන්නක් පැවැත්වෙන්නේ ප්‍රථම වරටය.

පසුගය වසරේ මෙන්ම මෙවරද අතිවිශාල ජනකායක් පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සදහන් කර සිටියි.

Related posts

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

colombotoday

නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට පියවර

colombotoday

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin