Colombo Today Local News

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

මෙරට රෝහල් ධාරිතාව මේ වන විට උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි බව අමාත්‍යවරිය සඳහන් කරයි.

දෛනිකව පී.සි.ආර් පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කරන බැවින් පරීක්ෂණ වාර්තා ලැබීම ප්‍රමාද විය හැකි බව පවසයි.

පී.සි.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි සතු දෙක තුනක කාලය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුමගනය කරමින් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙසත්, එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බව ද අමාත්‍යවරිය සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බව අමාත්‍යවරිය කියයි.

මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන්ට ප්‍රතිකාර කිරීම බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

ජනපතිගෙ රතු වෙච්ච මූණ බලන්න ආසයි…

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin